Protect from Corona (COVID 19)

 

රට තුලට පුද්ගයින් ඇතුළු වන වරාය හා ගුවන්තොටුපල වල ආවේක්ෂණ කටයුතු corona තර්ජනයට මුහුණ දීමටම විශේෂයෙන් ශක්තිමත් කර තිබෙනවා. මේ පිළිබඳව අප පෙර අවස්ථාවක ඔබ වෙත තොරතුරු ගෙන ඒමට යෙදුණා.

මෙම සියලු ආරක්ෂණ උපායන් මද්‍යයේ වුවත් රට තුලට යම් ආකාරයකින් corona රෝගය ඇතුළු වීමේ සම්භාවිතාව සහමුලින්ම තුරන් කිරීමට කිසිඳු රටක කිසිදු යාන්ත්‍රනයකට සියට සියයක හැකියාවක් නොමැති බව ජපානය, සිංගප්පූරුව වැනි ඉතා ශක්තිමත් යාන්ත්‍රණයක් සහිත සංවර්ධිත රටවල පවා පැතිරයන corona වසංගතය පෙන්නුම් කරනවා.

එබැවින් රටක පුරවැසියන් ලෙසින් අප මේ අවස්ථාවෙහි යහපත් සෞඛ්‍ය පුරුදු වලින් සන්නද්ධව සිටීම රෝග පාලනයට අතිශයින් වැදගත් වනවා.

1. හැකි සෑම අවස්ථාවකම සබන් යොදා හොඳින් අත් සෝදා ගැනීම.

2. පොදු ස්ථානවල ගැවසීමේ දී අනවශ්‍ය ලෙස මුහුණ, කට, නාසය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම

3. කැස්සකදී හෝ කිවිසුම් යැවීමේදී ඉවත දැමිය හැකි ටිෂූ කඩදාසියකින් හෝ අතෙහි වැළමිට (ඇතුල්) ප්‍රදේශයෙන් මුහුණ වසා ගැනීම.

4. සෙම්ප්‍රතිශ්‍යාව උණ ආදී රෝගී ලක්ෂණ පවතී නම් සෙනග ගැවසෙන ස්ථානවලින් හැකිතාක් ඈත්ව සිටීම.

මේ අවස්ථාව වන විට රට තුළ corona ආසාදිත යැයි තහවුරු කරන ලද කිසිදු පුද්ගලයෙකු හමුව නොසිටියත් ලොව පුරා පැතිර යන වසංගත තත්ත්වයට යුහුසුලුව සූදානම් වීම, ඔබගේ මෙන්ම ඔබ ආදරණීයයන් ඇතුළු රටේ සියළුදෙනාගේත් ආරක්ෂාවට මහඟු රුකුලක් වනවා.

දවසේ බොහෝ වේලාවක් රැකියා ස්ථානවල රැඳී සිටින අප රැකියා ස්ථානවලදී Corona වෛරසයෙන් ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ.

ඔබගේ රැකියා ස්ථානය Corona වෛරසයෙන් ආරක්ෂිතව තබා ගැනීමට පහත පියවර අනුගමනය කළ යුතුය.

1. යම් කෙනෙක් උණ සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ සුළුවෙන් හෝ පෙන්වන්නේ නම් ඔහුට රෝග තත්ත්වය සම්පූර්ණයෙන් සුව වෙන තෙක් රැකියාවට නොපැමිණ සිටීමට උපදෙස් දෙන්න. හැකිනම් නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් ලබා දෙන්න.

2. නිතර ස්පර්ශ වන පෘෂ්ඨ හා ආම්පන්න වල වෛරසය රැඳී තිබිය හැකි බැවින් දොර හැඩල, දුරකථන රිසීවර, මේස මතුපිට, තරප්පුපෙල අත්වැට ආදී දේ විසබීජ නාශක දියර යොදා නිතර පිරිසිදු කිරීමට සලස්වන්න.

3. හැකි සෑම අවස්ථාවකම සබන් යොදා හොඳින් අත් සෝදා ගන්න. අනවශ්‍ය ලෙස මුහුණ, කට, නාසය, ඇස් ස්පර්ශ කිරීමෙන් වලකින්න. Covid-19 වෛරසය බහුලවම පැතිරයන්නේ ස්පර්ශය මගිනි. තමන් හා සේවය කරන අන් අයටද මෙය නිතර සිහි කැඳවන්න.

4. අනවශ්‍ය ලෙස සෙනග එක් රැස් කිරීම් හැකිතාක් අවම කරන්න. කල් දැමිය හැකි රැස්වීම් කල් දමන අතර video conferencing / group calling වැනි නූතන සන්නිවේදන ක්‍රමවේදයන් වෙත හැකිතාක් යොමුවන්න.

ඔබට සේවා ස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවස්ථාව අවම කරනවා මෙන්ම ඔබ පවුලේ ආදරණීයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ද හේතු වනු ඇත.
#COVID19 #CoronaVirusOutbreak Health Promotion Bureau

Share us